Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th January 2026 13:59:57 Hours

ඉන්දියානු යුද්ධ හමුදා සාමාජික භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනිය මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ නිල සංචාරයක

ඉන්දියානු යුද්ධ හමුදා සාමාජික භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනී සහ ඉන්දීයානු යුද්ධ හමුදාධිපතිගේ භාර්යාව වන සුනීතා ද්විවේදී මහත්මිය සහ මෙරට ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගේ භාර්යාවන් ඇතුළු දූත පිරිසක් 2026 ජනවාරි මස 07 වන දින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිල නිවසේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වේන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය හමුවිය.

හමුව අවසානයේදී එම දූත පිරිස අත්තිඩිය මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනය වෙත ගොස් නේවාසිකව ප්‍රථිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසීය.

සුවතා නිකේතනය වෙත පැමිණි එම දූත පිරිස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ලිලන්ති දොලගේ මහත්මිය විසින් පිළිගනු ලැබූ අතර, පසුව යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් එම පිරිස චාරිත්‍රානුකූලව කැදවාගෙන යන ලදී.

මෙම නිල සංචාරය අතරතුරදී ඉන්දියානු යුද්ධ හමුදා සාමාජික භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනිය ඇතුළු දූත පිරිස විසින් නේවාසිකව ප්‍රථිකාර ලබන එම රණවිරුවන්ගේ සුවදුක් විමසා ඔවුන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී. එහිදී, ඔවුන් සමඟින් සුහද කථාබහකද නිරත විය. ඉන්පසුව, සුනීතා ද්විවේදී මහත්මිය අමුත්තන්ගේ සමරු සටහන් පොතහි සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ වීරකෝන් RWP RSP, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ භාර්යාවන්ද සහභාගී වූහ.