Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th January 2026 15:21:39 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් කල්පිටියේ පාසල් සිසුන් වෙත පාසල් උපකරණ

කල්පිටිය, තලවිල, ශාන්ත පීතර විද්‍යාලයේ දරුවන් සඳහා ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 30 දින සාර්ථකව පවත්වන ලදී.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දෛනික ජීවිතයට සහ අධ්‍යාපන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ පාසල් දරුවන්ට සහනයක් සැලසීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙම කාර්යයට සහය දක්වමින් වෛද්‍ය මෙලනි විජේසූරිය මහත්මිය විසින් රුපියල් 300,000.00 ක් වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම මගින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකි විය.

ගැමුණු හේවා බලකාය සේවා වනිතා ඒකකයේ සභාපතිනී ශිහානි අබේවර්ධන මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.