06th January 2026 15:01:16 Hours
විශේෂ බලකායේ 29 වන සංවත්සරයට සමගාමීව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් විශේෂ බලකායේ සාමාජිකයන්ගේ පවුල්වල දරුවන්ට උපකාර කිරීම අරමුණින් විශේෂ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 4 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, රුපියල් 650,000 ක වටිනාකමකින් යුත් පාසල් බෑග්, වතුර බෝතල්, කෑම පෙට්ටි, පොත්පත් සහ ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු සහ සනීපාරක්ෂක තුවා ඇතුළු අත්‍යවශ්‍ය පාසල් උපකරණ ළමුන් 59 දෙනෙකු සඳහා හිමි විය.
මීට අමතරව, ඉදිරි හදිසි අවශ්‍යතාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන් විසින් හදිසි ආපදා උපකරණ කට්ටලයක් ද පරිත්‍යාග කරන ලදී.
විශේෂ බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ. වීරසේකර WWV RWP RSP USP AUSWC psc, විශේෂ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනී වින්ද්‍යා වෙලේනවැව මහත්මිය විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.