Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd January 2026 13:35:04 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 2026 වසරේ පළමු රාජකාරි දිනයට සමගාමීව පරිත්‍යාග වැඩසටහනක්

2026 වසරේ පළමු රාජකාරි දිනයට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ දරුදැරියන් සහ පවුල් සඳහා පාසල් උපකරණ සහ රෝද පුටු ලබා ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ සමඟින් සහභාගී වූහ.

මෙම වැඩසටහන අතරතුරදී අසනීප තත්ත්වයක් හේතුවෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ පුතෙකු වෙනුවෙන් රු. 345,000.00 ක් වටිනා විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත් අනුරාධපුරයේ අබිමන්සල I හි දැනට ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුට පහසුවෙන් හැසිරවිය හැකි විදුලි රෝද පුටුවක් (Model LYEB 103A-S – 00062192) ලබා දෙන ලදී.

මීට අමතරව, නිවුන් සහ තුන් නිවුන් දරු උපන් සිටින පවුල්වල සහ දරු ප්‍රසූතියේදී බිරිඳ අහිමි වූ සෙබළෙකුගේ දරුවා ඇතුළු බිළිඳුන්ගේ කිරිපිටි අවශ්‍යතා සපුරාලීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු වෙත රුපියල් 432,000.00 ක මුදල් ආධාර ප්‍රදානය කරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ දරුදැරියන් 522ක් සඳහා පාසල් උපකරණ බෙදා දුන් අතර, බලන්ගොඩ ධර්මසේන විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකුට පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී

අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහයකින් පසුව මෙම වැඩසටහන නිමාවට පත් විය.