31st December 2025 16:13:27 Hours
පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ 3,656 දෙනෙකු වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 30 වන දින නාගහමුල්ල, යුද්ධ හමුදා කඳවුරේදී පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය එක්ව එම වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන් අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.