31st December 2025 14:05:09 Hours
පැවති අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා වනිතා ශාඛාවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. එහිදී ඇඳුම් පැලදුම්, ඖෂධ, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ළදරු නිෂ්පාදන ආදිය බෙදාදුන් අතර, බෙදාදුන් එම පරිත්‍යාගයන් දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයන් හරහා බෙදා හැරීම සිදුකරන ලදී.
තවද, 2025 දෙසැම්බර් 02 වන දින, එම බලකා සේවා වනිතා ශාඛාව විසින් පීඩාවට පත් ජනතාවට බෙදා දීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත ජල බෝතල් 1,700 ක් සහ 2025 දෙසැම්බර් මස 09 වන දින, වියළි ආහාර සලාක, ජලය සහ ඇඳුම් පැලඳුම් ඇතුළු අතාවශ්‍ය ද්‍රව්‍ය ද භාර දෙන ලදී.