31st December 2025 14:07:56 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 දෙසැම්බර් මස 29 වන දින පනාගොඩ, ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම ඒකකයේ සාමාජිකයන්ගේ භාර්යාවන් සඳහා අත්‍යවශ්‍ය ළදරු උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනුපමා රත්නායක මහත්මිය සහභාගී වූවාය.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.