Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st December 2025 15:03:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා වනිතා ශාඛාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා වනිතා ශාඛාව විසින් 2025 දෙසැම්බර් මස 11 වන දින මත්තේගොඩ, කැමිල‍ා පාසලෙහි නේවාසික ළමුන් සඳහා සංගීත වැඩසටහනක් සහ දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම බලකා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරෝෂිනී ප්‍රනාන්දු මහත්මිය සහභාගී වූවාය.

වැඩසටහන ආරම්භ කරමින් ළමුන් විසින් නර්තන ප්‍රසංගයක් ඉදිරිපත් කළ අතර, පසුව ගීත ගායනයන් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව එම පාසල වෙත වියළි ආහාර සලාක, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සහ ඖෂධ පරිත්‍යාග කරනු ලැබීය.