Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th December 2025 21:53:40 Hours

මැනිං ටවුන් විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථකව අවසන්

මැනිං ටවුන් විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 දෙසැම්බර් මස 27 වන දින කොළඹ, යුද්ධ හමුදා රෝහල් ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී සහ මැනිං ටවුන් විරු කැකුළු පෙර පාසලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා ලිලන්ති දොලගේ මහත්මිය ද සහභාගි විය.

උත්සව අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුත්තන් එම පෙර පාසලේ ළමුන් විසින් අලංකාරවත් නර්තන අංගයක් ඉදිරිපත් කරමින් උත්සව ශාලාව වෙත කැටුව ගොස් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව, සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා උත්සවයේ කටයුතු ආරම්භ කරනු ලැබීය.

ඉන්පසුව, පෙර පාසල් ගීතය වාදනය කරන ලද අතර පිළිගැනීමේ කතාව පෙර පාසලේ දරුවෙකු විසින් පවත්වන ලදී.

උත්සව අවස්ථාව අලංකාරවත් කරමින් පෙර පාසල් ළමුන් විසින් රංගනයන්,අලංකාරවත් නර්තන අංග, සිංහල සහ ඉංග්‍රීසි භාශාවන්ගෙන් නාට්‍ය සහ ගීත ගායනයන් ඉදිරිපත් කළ අතර, ඔවුන්ගේ එම දක්‍ෂතා මඟින් ගුරුවරුන්ගේ සහ ළමුන්ගේ කැපවීම පිළිබිඹු කළේය. උත්සව අවස්ථාව අවසන් කරමින් පෙර පාසලේ දරුවෙකු විසින් ස්තූති කථාවක් පවත්වන ලද අතර ඉන් පසුව ජාතික ගීය ගායනා කරන ලදී.