29th December 2025 15:20:20 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් 2025 දෙසැම්බර් මස 24 වන දින කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබන ගැබිනි මව්වරුන් 100 දෙනෙකු සඳහා ඇඳුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම පරිත්‍යාගයන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් රවිෂා සොනාලි අබේවර්ධන මෙනවියගේ අනුග්‍රාහකත්වයෙන් ලබාදෙනු ලැබීය.
වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දර්ශනී යහම්පත් මහත්මිය, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.