Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th December 2025 15:22:53 Hours

‍ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවෙන් නත්තල් සැමරුම් වැඩසටහනක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් 2025 දෙසැම්බර් මස 25 වන දින මහරගම, අපේක්‍ෂා රෝහලෙහි ප්‍රතිකාර ලබන දරුවන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නත්තල් සැමරුම් වැඩසටහනක් පවත්වන ලදී.

වැඩසටහනේදී කාලතුවක්කු හමුදා සාමාජිකයින් සහ එම රෝහලේ දරුවන් සමඟ එක්ව නත්තල් කැරොල් ගීත ගායනා කරන ලද අතර, පසුව වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම දෙනා සඳහා කෙටි ආහාර, ත්‍යාග පාර්සල් සහ දිවා ආහාරය පිරිනමන ලදී.

එම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය, ළමුන් 200 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමාපියන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගි වූහ.