Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th December 2025 21:47:39 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ, දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 24 වන දින පවත්වන ලදී.

ඒ අනුව, පරිත්‍යාගශීලීන්ගේ සහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන් විසින් ලබාදුන් එම පරිත්‍යාගයන් ගිනිගත්හේන, නාවලපිටිය සහ දොළොස්බාගේ යන ප්‍රදේශයන්හි අවතැන් වූ පවුල් 575 ක් සඳහා රුපියල් 5,000 ක් පමණ වටිනාකමකින් යුතු වියළි සලාක පාර්සල්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් ද ලබා දෙන ලදී. මෙම පරිත්‍යාගයන්හි මුළු වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 3ක් පමණ වේ.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.