27th December 2025 21:49:43 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පසුගිය දිනවල ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් සෙසුනිලයන්ගේ ගර්භනී භාර්යාවන් සහ සිවිල් සේවක මහතුන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 23 වන දින හෙරලියාවත්ත පහසුකම් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
එම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලකුඹුර RWP RSP ndu psc සහභාගි විය.
වැඩසටහන අතරතුරදී, ගැබිනි මව්වරුන් හත් දෙනෙකු වෙත රු. 17,000.00 බැගින් වටිනා ත්‍යාග පාර්සල් බෙදා දුන් අතර, රෙජිමේන්තු මූලස්ථානයේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන් 28 දෙනෙකු වෙතද රු. 9,000.00 බැගින් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් බෙදාදෙනු ලැබීය.
තවද, එම වැඩසටහනේදී ලියුකේමියාව රෝගයට ප්‍රතිකාර ලබන ලුතිනන් කර්නල් බුද්ධික ශාන්තලාල් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුතුණුවන් වෙත රු. 14,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් ද පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ද සහභාගි වූහ.