Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th December 2025 21:45:49 Hours

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් පවත්වයි

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව සහ යුධෝපකරණ පුහුණු පාසල එක්ව 2025 දෙසැම්බර් මස 19 සහ 20 යන දිනයන්හිදී යුධෝපකරණ පුහුණු පාසලේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් පවත්වන ලදී.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහ සේවයේ නියුතු නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා ආශිර්වාද එක් කිරීමේ අරමුණින් මෙම ආගමික වැඩසටහන පවත්වන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් ndc AATO, යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිරාණි නිර්මලීන් විජේකෝන් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, සිවිල් කාර්ය මණ්ඩලය සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගි වූහ.