27th December 2025 21:43:17 Hours
දියතලාව, විරු කැකුළු පෙර පාසල් දරුවන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 දෙසැම්බර් මස 24 වන දින දියතලාව ටෝච් සිනමා ශාලාවේදී පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා දමයන්ති බණ්ඩාරනායක මහත්මිය සහභාගි විය.
වැඩසටහනේදී එම දරුවන් විසින් ඔවුන්ගේ විවිධ දක්‍ෂතා, විවිධ නර්තනයන්, ගීත සහ නිර්මාණාත්මක හැකියාවන් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පෙර පාසල් කාර්ය මණ්ඩලය, ගුරුවරුන් සහ දෙමාපියන් සහභාගි වූහ.