Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th December 2025 16:55:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් වෙතික් වෛද්‍ය කඳවුරක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසල, ස්වාධීන ප්‍රවාහන බලඝණය සහ ස්වාධීන සැපයුම් බලඝණය සමඟ එක්ව, 2025 දෙසැම්බර් මස 13 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී කාන්තා සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.

කාන්තාවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන පිළියන්දල සහ හෝමාගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින්, පියයුරු පිළිකා පරීක්ෂාවන්, ගැබ්ගෙල පිළිකා පරීක්ෂාවන් පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමේ ලක්ෂණ පිළිබඳ සෞඛ්‍ය දැනුවත් කිරීමේ දේශනයන් සහ වෛද්‍ය සායනයන් පවත් වන ලදී.