24th December 2025 16:54:09 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසල, ස්වාධීන ප්‍රවාහන බලඝණය සහ ස්වාධීන සැපයුම් බලඝණය සමඟ එක්ව 2025 දෙසැම්බර් මස 13 දින ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී, මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් විසි දෙනෙකුට වියළි ආහාර සලාක බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ. ටී. පී. ද සිල්වා RSP ndu psc සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අජන්තා ද සිල්වා මහත්මිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.