22nd December 2025 14:47:20 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිහානි අබේවර්ධන මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 2025 දෙසැම්බර් මස 14 දින රත්නපුර ජේසු බිළිඳු කන්‍යාරාමයේ දරුවන් වෙනුවෙන් නත්තල් වැඩසටහනක් පවත්වන ලදී.
මෙම උත්සවය අතරතුර, ගරු හැරල්ඩ් තමෙල් පියතුමන් විසින් අර්ථවත් දේශනයක් පවත්වන ලද අතර, ඉන් අනතුරුව දරුවන් විසින් ඉදිරිපත් කළ නත්තල් කැරොල් ගීත ගායනා සහ අලංකාරවත් නර්තන අංගයන්ගෙන් මෙම වැඩසටහන හැඩ විය.
උත්සවයේ උත්කර්ෂවත් බව තවදුරටත් වැඩිකරමින්, ගැමුණු හේවා බලකා තූර්ය වාදක කණ්ඩායම විසින් ජනප්‍රිය නත්තල් කැරොල් ගීත වාදනය කරන ලදී. මීට අමතරව දරුවන් 67 දෙනෙකු සඳහා පාවහන් සහ පාසල් වතුර බෝතල් බෙදා දීමට ද සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සෙසුනිලයන් ද සහභාගී වූහ.