22nd December 2025 14:48:31 Hours
‘දිට්වා’ ව්‍යසනයෙන් අවතැන් වූවන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් 2025 දෙසැම්බර් මස 16 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන රාගම ශික්ෂණ රෝහලේ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවන ලද අතර, එහිදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් ඇතුළු 110 දෙනෙකු පමණ පිරිසක් රුධිරය පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉන්දුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.