Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd December 2025 09:18:40 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් උඩුදුම්බර ගංගොඩ පවුල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙයි

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් 2025 දෙසැම්බර් මස10 දින මහනුවර, උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ පදිංචි පවුල් 113 ක් සඳහා වියළි සලාක, ඇඳුම් පැළඳුම් සහ පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

කෑරගල පුටුපාගල ව්‍යාපාරික ප්‍රජාවද ඇඳුම් සහ පානීය ජල බෝතල් සඳහා දායකත්වය සහ වියලි සලාක ආහාර සඳහා සේවා වනිතා ශාඛාවේ හා Whale Aquatics පිහිණුම් සංගමය විසින් මූල්‍ය දායකත්ව ලබා දෙන ලදී.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී.