Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st December 2025 15:30:43 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අත්තිඩිය 'මිහිඳු සෙත් මැදුර' සුවතා මධ්‍යස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දර්ශනී යහම්පත් මහත්මියගේ මගපෙන්වීම යටතේ, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් 2025 දෙසැම්බර් මස 12 දින අත්තිඩිය 'මිහිඳු සෙත් මැදුර' සුවතා මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුව දුක් විමසමින් අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, රණවිරුවන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් සහ දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් ද සහභාගී වූහ.