21st December 2025 13:00:40 Hours
යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගංවතුර සහන සේවා ආධාර වැඩසටහනට සහය දැක්වීමේ තවත් එක් අධියරක් ලෙස ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් වියළි සලාක පාර්සල් ලබා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
එහිදී, දිවයින පුරා ක්‍රියාත්මක වන ගංවතුර සහන සේවා සඳහා ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ දායකත්වය සනිටුහන් කරමින්, එම ශාඛාවේ සභාපතිනී සජීවනී බණ්ඩාරනායක මහත්මිය විසින් ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් වූ යුද්ධ හමුදා පවුල් වෙත ලබාදීම සඳහා රුපියල් 300,000.00 කට අධික වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් තොගයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වෙත මෙම නිල වශයෙන් භාර දෙන ලදී.