19th December 2025 14:30:26 Hours
දිවන්ගත, ආබාධිත, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සමාජිකයන්ගේ මෙන්ම යුද්ධ හමුදා සිවිල් සේවකයන්ගේ දරුවන්හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 දෙසැම්බර් මස 18 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රනී දිසානායක මහත්මිය සහභාගී වූහ.
වැඩසටහන අතරතුරදී 2024 දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9 ක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වූ දරුවන් 193 දෙනෙකුට රුපියල් 25,000.00 බැගින් වූ ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී. ඊට අමතරව, 2025 දී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170 ට වඩා ලබාගත් දරුවන් 53 දෙනෙකුට රුපියල් 15,000.00 බැගින් වූ ශිෂ්‍යත්ව පිරිනමන ලදී.
මෙම අවස්ථාව සංස්කෘතික නර්තනාංගවලින් වර්ණවත් වූ අතර, තේ පැන් සංග්‍රහයකින් අනතුරුව උත්සවය නිමාවට පත් විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ..