18th December 2025 14:52:52 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟ පෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්ල සහ මහනුවර ප්‍රදේශවල ජනතාවට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 13 සහ 14 යන දෙදින තුල සිදු කරන ලදී.
එහිදී වියළි ආහාර සලාක පාර්සල්, බෝතල් කළ පානීය ජලය, ළදරු සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, කොට්ට සහ මෙට්ට ලබාදුන් අතර, එම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෝදර සහ මට්ටක්කුලිය සිංහ සමාජය විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කරන ලදී.
එම පරිත්‍යාගයන් ගම්පොළ, කුරුදුවත්ත, ගිරාවුල්ල, අම්බලන්පිටිය සහ පහළ ගම්පාය යන ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ 111 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් බෙදා දෙනු ලැබීය.