17th December 2025 11:56:42 Hours
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වලට බෙදා දීම සඳහා ශ්‍රී ලංකා UTS විද්‍යාලය විසින් කොට්ට, මෙට්ට ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කරන ලදී.
පරිත්‍යාග කරන ලද එම භාණ්ඩ 2025 දෙසැම්බර් මස 06 වන දින එම විද්‍යාලයේ නියෝජිත පිරිසක් විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම වැඩසටහන කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් සම්බන්ධීකරණය කරන ලදී