Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th December 2025 18:49:30 Hours

කාලගුණයෙන් විපතට පත් පිරිස් සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සහය

2025 දෙසැම්බර් මස 10 දින රට පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය වෙත වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දමයන්ති බණ්ඩාරනායක මහත්මිය එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සමාජිකාවන් සමඟින් පීඩාවට පත් වූවන්ගේ නිවාස සහ තාවකාලික නවාතැන් නිරීක්‍ෂණය කිරීමේ නිල සංචාරයක නිරත වෙමින් එම පරිත්‍යාගයන් බෙදාදෙන ලදී.