Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th December 2025 18:48:07 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් මාසික දානමය වැඩසටහන පවත්වයි

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් අම්බලන්ගොඩ පිහිටි වාරුසවිතාන වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් මාසික දානමය වැඩසටහන 2025 නොවැම්බර් මස 29 දින පවත්වන ලදී. මෙම වැඩසටහන එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ මඟපෙන්වීම යටතේ පැවැත්වූ අතර, එම වැඩසටහන සඳහා මනෝරි අමිත් මහත්මිය විසින් අනුග්‍රාහක දායකත්වය දක්වන ලදී.