Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th December 2025 22:10:02 Hours

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ගැමුණු හේවා බලකායේ සමාජිකයන් සඳහා ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් සහන සේවා වැඩසටහනක්

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ගැමුණු හේවා බලකායේ රාජකාරියෙහි නියුතු නිලධාරින් 6 දෙනෙකු සහ සෙසුනිලයන් 236 දෙනෙකු වෙනුවෙන් එම බලකා සේවා වනිතා ශාඛාව විසින් සහන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිහානි අබේවර්ධන මහත්මිය එම ගැමුණු හේවා බලකා සාමාජිකයන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීම සඳහා ආපදාවට ලක් වූ ප්‍රදේශයන්හි නිල සංචාරයක නිරත විය.

එම සහන සේවා කටයුතුවලට සමගාමීව 2025 දෙසැම්බර් මස 08 වන දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වියළි ආහාර සලාක පාර්සල් බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී. එහිදී ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ පීඩාවට පත් නිලධාරින් සහ සෙසුනිලයන් සඳහා අදාල වියළි ආහාර සලාක පාර්සල් සංකේතාත්මකව අදාළ ඒකක අණදෙන නිලධාරීන් වෙත භාර දෙන ලදී.