Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th December 2025 10:15:59 Hours

ශ්‍රී ලංකා සංඥා බළකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සංඥා බළකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස සජීවනී බණ්ඩාරනායක මහත්මිය 2025 දෙසැම්බර් මස 1 දින එම බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.

නව සභාපතිනිය ධුරයේ රාජකාරීන් භාර ගැනීමෙන් අනතුරුව, සේවයේ නියුතු නිලධාරින්, සෙසුනිලයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්, දිවිපිදූ සහ අතුරුදහන් වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා තම ශාඛාව විසින් සිදුකරනු ලබන වැඩසටහන් අඛණ්ඩව කරගෙන යාමට කැප වෙන බවට නව සභාපතිනිය විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වූහ.