10th December 2025 17:28:07 Hours
3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවයේ නියතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ දියණියකට ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම 2025 නොවැම්බර් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී.
2024 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබාගනිමින් විශ්වවිද්‍යාල වරම් ලැබූ මෙම දියණියට උසස් අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා සහය වීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.