Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th December 2025 17:24:56 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාව විසින් 2025 නොවැම්බර් මස 22 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් පවත්වන ලදී.

එහිදී, 2024 වසරේ පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී සහ 2025 වසරේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසුන් 30 දෙනෙකු වෙත තෑගි වවුචරයක් සහ විශේෂ ත්‍යාගයක් පිරිනමන ලදී.

ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් පසුව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යක්‍ෂ මාණ්ඩලික නිලධ‍ාරි ලුතිනන් කර්නල් කැලුම් ද අල්විස් RWP USP psc විසින් දේශනයක් පවත්වන ලදී.

මෙම වැඩසටහන එම බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම යටතේ සිදුකරන ලදී.