Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th December 2025 17:32:11 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවෙන් සුභ සාධන වැඩසටහනක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අයේෂා ලියනගේ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, එම බලකා සේවා වනිතා ශාඛාව විසින් ශ්‍රී ලංකා සංඥා බලකායෙහි රාජකාරි සිදුකරනු ලබන සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් වෙත මූල්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එහිදී සිවිල් එක් සේවක මහතෙකු වෙත ඔහුගේ නිවසේ ගෘහ විදුලිය ලබාගැනීම සඳහා රු. 100,000.00 ක මුදලක් සහ සංඥා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ පිළිකා රෝගයෙන් පෙළෙන මවට හා අංශභාග රෝගයෙන් පෙළෙන පියාට ප්‍රථිකාර කටයුතු සිදුකිරීම සඳහා රු. 50,000.00 ක මුදලක් පිරිනමණ ලදී.

එසේම, වකුගඩු රෝගයෙන් පෙළෙන කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අවුරුදු 4 ක් වයසැති දරුවාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු. 25,000.00 ක මුදලක් සහ ශ්‍රවණාධාර යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා සිවිල් සේවක මහතෙකු වෙත රු. 153,000.00 ක මුදලක් ද පිරිනමණ ලදී.

තවද, උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටින සහ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින සිවිල් සේවක මහතෙකුගේ දියණියක් වෙත මූල්‍යමය ආධාර ලබාදුන් අතර, එහිදී එම දියණියගේ අධ්‍යාපන වියදම් සඳහා කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි සිසුවියන් පිරිසක් විසින් දායකත්වය දක්වන ලදී.