10th December 2025 17:41:22 Hours
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් සහන සේවා වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.
මෙම වැඩසටහන යටතේ 2025 නොවැම්බර් මස 29 වන දින යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මියගේ අධීක්‍ෂණය යටතේ හංවැල්ල ප්‍රදේශයේදී වියළි ආහාර සලාක පාර්සල් 500 ක් බෙදා දෙන ලදී.
අනතුරුව, දෙසැම්බර් මස 06 වන දින රොටරි සමාජය සහ ෆැෂන් ස්ටෝර් ආයතනය විසින් පරිත්‍යාග කරන ලද සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, නිමි ඇදුම් සහ පිරිසිදු කිරීමේ උපකරණ එම සේවා වනිතා ශාඛාව විසින් 2025 දෙසැම්බර් මස 07 වන දින කඩුවෙල, පහළ බෝමිරිය සහ ගනේවත්ත යන ප්‍රදේශයන්හි පීඩාවට පත් පුද්ගලයින් 100 කට අධික පිරිසක් සඳහා එම නිමි ඇදුම්, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ පිරිසිදු කිරීමේ උපකරණ මෙන්ම වියළි ආහාර සලාක බෙදා දෙන ලදී.