10th December 2025 17:35:12 Hours
පල්ලේකැලේ පිහිටි විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 නොවැම්බර් මස 19 දින මධ්‍යම පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පල්ලේකැලේ විරු කැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකා ඩිලානි වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූ අතර, එම විවිධ ප්‍රසංගයේදී ළමුන්ගේ කණ්ඩායම් ක්‍රියාකාරකම්, නිර්මාණශීලිත්වය සහ ඔවුන්ගේ කුසලතාවයන් ප්‍රදර්ශණය කිරීමට අවස්ථාව හිමිවිය.
මෙම වැඩසටහන සඳහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ දෙමාපියන්ද සහභාගි වූහ.