Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th December 2025 17:43:54 Hours

මින්නේරිය විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථකව අවසන්

මින්නේරිය විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟ පෙන්වීම යටතේ 2025 නොවැම්බර් මස 26 වන දින හිඟුරක්ගොඩ, තාරකා මණ්ඩප ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා ඉල්මා මජීඩ් මහත්මිය සහභාගි විය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව, අලංකාරවත් පිළිගැනීමේ නර්තනයකින් වැඩසටහන ආරම්භ වූ අතර, පසුව එම පෙර පාසලේ ළමුන් විසින් අලංකාර නර්තන අංග, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නාට්‍යයන් සහ ගීත ගායනයන් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - නැගෙනහිර, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ගුරුවරුන්, කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් සහභාගී වූහ.