10th December 2025 17:48:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව සහ 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ප්‍රදේශයේ එම බලකායේ සාමාජිකයන් සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් ndc AATO සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිරානි නිර්මලීන් විජේකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2025 දෙසැම්බර් 07 වන දින සංවිධානය කරන ලදී.
එහිදී, අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස වල පදිංචි එම බලකායේ සාමාජිකයන්ගේ පවුල් 21 ක් සඳහා අත්‍යවශ්‍ය ආධාර ලබාදෙන ලදී. යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව මෙම වැඩසටහන සිදුකරනු ලැබීය.