10th December 2025 17:50:59 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 76 වන සංවත්සරයට සමගාමීව 2025 දෙසැම්බර් මස 05 වන දින එම බලකා සේවා වනිතා ශාඛාව විසින් සිදුකරනු ලබන වාර්ෂික පොත් පරිත්‍යාග වැඩසටහන එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යාමා හෙට්ටිගේ මහත්මිය සහභාගි වූවාය.
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 3,395 කට අධික සංඛ්‍යාවක් සඳහා රුපියල් 4,000,000.00 ක වටිනා කමකින් යුත් පොත් පාර්සල් බෙදා දුන් අතර, උත්සවය අතරතුරදී, දරුවන් 32 දෙනෙකු වෙත රුපියල් 2,000.00 ක මුදල් වවුචරයක් සහිත පොත් පාර්සල් සංකේතාත්මකව පිරිණැමීය.
එසේම, මෙම වැඩසටහන අතරතුරදී 2024 වසරේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 62 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගී වූහ.