Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th December 2025 07:33:33 Hours

ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් සහන වැඩසටහන් අඛණ්ඩව

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී දිසානායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය තවත් පරිත්‍යාග වැඩසටහනක් සමඟින් සිය සහන සේවා කටයුතු අඛණ්ඩව පවත්වමින් පීඩාවට පත් පවුල් සඳහා වූ සහයෝගය තවදුරටත් ශක්තිමත් කරන ලදී.

මෙම වැඩසටහන 2025 දෙසැම්බර් මස 06 වන දින ජා-ඇල, තුඩැල්ල Christ King විද්‍යාලයේදී පවත්වන ලදී. රුපියල් 10,000.00 කට අධික වටිනාකමකින් යුත්, වියළි සලාක, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, ඇඳ ඇතිරිලි කට්ටල සහ මුළුතැන්ගෙයි ගෘහ භාණ්ඩ අඩංගු සහන පාර්සල්, රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් වැය කරමින් පවුල් 100 ක් වෙත බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන සඳහා සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමය, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සහ ස්වේච්ඡා පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකුගේ සහාය ලැබුණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරණ මෙන්ම නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් ද සහභාගී වූහ.