09th December 2025 16:17:39 Hours
ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසලේ දරුවන් විසින් 2025 නොවැම්බර් මස 25 දින හෝල් ඩි ගෝල් ශ්‍රවණාගාරයේදී වාර්ෂික විවිධදත් ප්‍රසංගය පවත්වන ලද අතර, සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවාය.
එම උත්සවය වර්ණවත් කරමින් දරුවන් විසින් නැටුම්, ගායන සහ නාට්‍ය ඉදිරිපත් කිරීම් ඇතුළු විචිත්‍රවත් අංග මාලාවක් පැවැත්විය. උත්සවය අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු පොතේ සටහනක් තබන ලදී.
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු USP ndc IG, ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසල භාර බුද්ධිකා ප්‍රනාන්දු මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පෙර පාසල් කාර්ය මණ්ඩලය, ගුරුවරුන් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී විය.