Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th December 2025 16:15:31 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සුභසාධනය වැඩසටහනක්

යුද්ධ හමුදා සමාජිකයන්ගේ සුභසාධනය සඳහා මූල්‍යාධාර පිරිනැමීමේ වැඩසටහනක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 නොවැම්බර් මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදී, යුද්ධ හමුදා සාමාජිකයන් දෙදෙනෙකුට රු: 100,000.00 බැගින් වූ වෛද්‍ය ආධාර පිරිනමන ලද අතර, 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ නිවුන් දරු උපත සඳහා කිරිපිටි මිලදී ගැනීමට ලබා දෙනු ලබන රු: 96,000.00 ක මුදලින් පලමු වාරිකය ලෙස රු: 8,000.00 මුදලක් සහ ඉදිරි වාරික සඳහා රු: 40,000.00 ක් මුදලක් පිරිනමන ලදී.

තවද, මීට පෙර නිවාස වැඩසටහන් යටතේ මූල්‍යා ආධාර අර්ධ වශයෙන් ලබාගන්නා ලද මානුෂීය මෙහෙයුමේදී තුවාල ලැබූ ආබාධිත රණවිරුවන් දෙදෙනෙකුට එහි අවසන් අධියර යටතේ තවත් රු: 200,000.00 ක් සහ රු: 150,000.00 ක මුදලක් බැගින් වූ නිවාස ආධාර මෙහිදී හිමි ගැන්වූ අතර, එසේම ඒ යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සමාජිකයෙකුට සහ සිවිල් සේවකයෙකුට ඔවුන්ට අයත් නිවාස ඉදිකරගැනීම සඳහා තවත් රු:150,000.00 ක් සහ රු: 100,000.00 ක් ලබාදෙන ලදී.

ඒ අනුව, මෙම වැඩසටහන මගින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා ඔවුන් රු: 848,000.00 ක මුදලක් ප්‍රදානය කරන ලදී.