Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th December 2025 17:14:22 Hours

සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සපයයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ මඟපෙන්වීම යටතේ, කොළඹ ප්‍රදේශයේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට පිසූ ආහාර, පානීය ජලය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන තුළින්, සුළි කුණාටුව ඇති වූ දා සිට සෑම දිනකම දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සඳහා පිසූ ආහාර පාර්සල් දහසකට වඩා ප්‍රමාණයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් බෙදාදෙන ලදී.

මෙම ආපදා තත්ත්වය තුළ වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, අංගොඩ, බොරැල්ල, කඩුවෙල සහ බෝමිරිය යන ප්‍රදේශවල විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සමත් විය.

පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් මෙම සහන වැඩසටහන සාර්ථකව සිදු කිරීමට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට හැකි විය.