Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th December 2025 17:15:39 Hours

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් හලාවත ප්‍රදේශයේ ජනතාව සඳහා පරිත්‍යාග වැඩසටහනක්

2025 දෙසැම්බර් මස 03 දින ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් හලාවත ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පවුල් සඳහා වියළි සලාක ආහාර පාර්සල්, ඇඳුම් පැළඳුම්, පානීය ජලය, පිසූ ආහාර පාර්සල් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් සිදු කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ මඟපෙන්වීම යටතේ පරිත්‍යාගශීලීන්ගේ සහාය ඇතිව පැවති මෙම මානුෂීය වැඩසටහන මගින් රුපියල් මිලියන 5 කට වඩා වටිනා කමින් යුත් ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍යවලට අමතරව, වියළි සලාක පාර්සල් 1,000 ක් සහ පිසූ ආහාර පාර්සල් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, කර්නල් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.