Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd December 2025 12:20:53 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ගර්භනී මවුවරුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් 2025 නොවැම්බර් මස 21 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ ගර්භනී කලත්‍රයන් 24 දෙනෙකුට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.

වැඩසටහන අතරතුරදී, ගර්භණී සමයේදී ඇතිවන ප්‍රධාන සෞඛ්‍ය ගැටළු පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නදීකා ජයවර්ධන මහත්මිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක චතුරංග ප්‍රියනන්දන මහතා විසින් සිදුකරන ලදී.