Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th November 2025 14:03:56 Hours

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ විවිධ ප්‍රසංගය සාර්ථකව අවසන්

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ විවිධ ප්‍රසංගය 2025 නොවැම්බර් මස 19 වන දින බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනී දිසානායක මහත්මිය සහභාගි වූවාය. ප්‍රසංගයේදී එම පෙර පාසලේ දරුවන් විසින් නර්තන, ගීත සහ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් මඟින් සිය කුසලතා ඉදිරිපත් කරන ලදී.

මෙම විවිධ ප්‍රසංගය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්,පෙර පාසල් කාර්ය මණ්ඩලය, ගුරුවරුන් සහ දෙමාපියන් සහභාගි වූහ.