Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th November 2025 13:52:27 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අයේෂා ලියනගේ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 නොවැම්බර් මස 19 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එහිදී, 2026 වසරේදී පළමු පංතියට ඇතුළත් වන ළමුන් 30 දෙනෙකු වෙත පෙළපොත් කට්ටලයන් පිරිනමන ලද අතර, තවද සෑම දරුවෙකු වෙතම පාසල් බෑගයක් සහ පාසල් පාවහන් පිරිනමන ලදී.

මෙම වැඩසටහන සඳහා මේජර් ජෙනරල් නිලන්ත හෙට්ටිආරච්චි (විශ්‍රාමික) VSV USP psc Hdmc සහ කොසල අලගියවන්න, අමිලා අලගියවන්න, සුමිත් ෆොන්සේකා හා ශ්‍යාමා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් විසින් අනුග්‍රාහක දායකත්වන ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි වූහ.