Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th November 2025 12:28:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා සේවා වනිතා ශාඛාව විසින් 2025 නොවැම්බර් මස 23 දින ශ්‍රී ලංකා යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර, එහිදී පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ එම බලකායේ සාමාජිකයන්ගේ දරුවන් 28 දෙනෙකු ඇගයීමට ලක් කරන ලදී.

සංස්කෘතික නර්තනයන්ගෙන් අලංකාරවත් වූ මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් ndc AATO සමඟින් එම සේවා වනිතා ශඛාවේ සභාපතිනි ශිරානි නිර්මලීන් විජේකෝන් මහත්මිය සහභාගී වූ අතර, එහිදී එම සිසුන්ට පාසල් බෑග්, පොත් පත් සහ අනෙකුත් අධ්‍යාපනික ද්‍රව්‍ය ද බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, ශිෂ්‍යත්වලාභීන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.