25th November 2025 13:58:45 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවා වනිතා ශාඛාව විසින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ 144 වන රෙජිමේන්තු සංවත්සර දිනයට සමගාමීව 2025 නොවැම්බර් මස 05 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මූල්‍ය පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
වැඩසටහන අතරතුරදී, දිවන්ගත සැරයන් එච්.ඩී ජයවීර (විශ්‍රාමික) RWP RSP ගේ පවුලේ සමාජිකයන් විසින් අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවස නිමකර ගැනීම සඳහා රුපියල් 300,000.00 ක පරිත්‍යාගයක් සිදු කරන ලදී. එසේම, නාන කාමරයක් ඉදිකර ගැනීමට සහ නායයෑම් ආශ්‍රිත ප්‍රදේශ වල ඇති නිවාසයන්ට සිදුවන හානි වැළැක්වීම සඳහා ඉදිකරනු ලබන මායිම් බැමි ඉදිකර ගැනීමට අවශ්‍ය රුපියල් 100,000.00 බැගින් වූ මුදල් පරිත්‍යාගයන් දෙකක් සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු වෙත ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මිය, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක්ද සහභාගී වූහ.