20th November 2025 14:23:48 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් සිදුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි කොටසක් ලෙස, 2025 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර, ජාතික ශ්වසන රෝග පිළිබඳ රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ සිදු කරනු ලබයි.
එම ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වෛද්‍ය රසිකා පෙරේරා මහත්මිය සහ ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 නොවැම්බර් මස 18 වන දින නිරීක්‍ෂන චාරිකාවක නිරත වූහ. එහීදී 1 වන සහ 6 වන වාට්ටු ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව රෝහල් පහසුකම්වල වැඩිදියුණු කිරීම් නිරීක්‍ෂණය කළහ.
මෙම සංචාරයේදී වෛද්‍ය රසිකා පෙරේරා මහත්මිය සහ ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය විසින් එම ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැලී සිටින කාර්ය මණ්ඩලයේ කටයුතු ඇගයීමට ලක්කරන ලදී.