Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th November 2025 14:21:40 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අභිමංසල - 2 සුවතා නිකේතයේ සංචාරයක

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 නොවැම්බර් මස 14 වන දින කඹුරුපිටිය, අභිමංසල - 2 සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ නිල සංචාරයක නිරත වූහ.

මෙම සංචාරය සඳහා එම බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනී ශ්‍යාමා හෙට්ටිගේ මහත්මිය සහභාගි වූවාය.

එම සංචාරයේදී එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ භාවිතය සඳහා විදුලි කේතල, ඇඳ ඇතිරිලි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලද අතර, දැනට අක්‍රීයව පවතින ජල බොයිලේරු සහ ආහාර උණුසුම්ව තබන බදුන් රදවනයන් අලුත්වැඩියා කරන ලදී.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වාදක කණ්ඩායම විසින් එම රණවිරුවන් වෙත සංගීත විනෝදාස්වාද ලබාදෙන ලදී. මෙම සංචාරය සඳහා එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගි වූහ