19th November 2025 14:24:07 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 නොවැම්බර් මස 15 දින තිස්සවැව 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අජන්තා ද සිල්වා මහත්මිය සහභාගී වූවාය.
වැඩසටහන අතරතුරදී, බරපතල රෝගාබාධවලින් පෙළෙන පවුල්වල සාමාජිකයන් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා වියළි ආහර සලාක පාර්සල් සහ ප්‍රථමාධාර කට්ටල් බෙදා දෙන ලදී.
එසේම එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ විභාගවලින් විශිෂ්ට ලෙස සමත් වූ දරු දැරියන් සඳහා පාසල් පොත් සහ පාසල් උපකරණ ද ලබා දෙන ලදී. මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ